Sunday, October 15, 2017

කථා තුනක් - The Three Tales

කථාවක් :
ඇමරිකාව , එංගලන්තය ඇතුළු දියුණු රටවල විද්‍යාඥයින් පිරිසක් එකතු වෙලා හොරු අල්ලන මැෂින් එකක් හැදුවලු. ඒ අමරිකාවට ගෙනිහිල්ල ක්‍රියාත්මක කලාම පැයකට හොරු දෙන්නෙක් ඇල්ලුවලු. ඒක එංගලන්තයට ගෙනිහිල්ල ක්‍රියාත්මක කලාම පැයකට හොරු පස් දෙනෙක් ඇල්ලුවලු . දවසක් ඒක ලංකාවට ගෙනල්ල විනාඩි පහයිලු ගියේ...... යකෝ මැෂිම උස්සල කියහංකො........
ආදර්ශය - ලංකාවෙ අපි හරිම වෙනස් මහත්තයෝ



තවත් කථාවක් :
චීන ලංකාවේ හයිවේ හදනවලු. වැඩේ කියන්නෙ වෙන හයිවේ වගේ නෙවේලු 1Km හදන්න 20Km හදන්න යන වියදම යනවලු. චීන හිතුවලු යොදා ගන්න අමුද්‍රව්‍ය වල බාල තත්වය නිසා කියල. එහෙම හිතල චීන සුපිරි බඩු දමල වැඩේ ආයෙ පටන් ගත්තලු. ඒත් එහෙමලු. පස්සෙ හොයල බැලුවලු. බඩු මිසිං වෙනව කියල ආරංචියක් ආවලු. CCTV හයි කලාලු. සතියලු ගියේ CCTV හයිකරපු දවසෙ ඉදල තිබුනු වීඩියෝ අඩංගු Hard Disk ටික උස්සලලු. වැඩේ කියන්නෙ ඒකට චීන්නුත් හවුල් ලු.
ආදර්ශය - ලංකාවෙ අපි හරිම ආදර්ශවත් මහත්තයෝ

ආයෙමත් තවත් කථාවක්:
එක්තරා විභාගයක වාචික ලිඛිත පරීක්ෂණ දෙකක් තියෙලු. ලිඛිත විභාගෙ උත්තර SMS එකෙන් එනවලු. වාචික විභාගයෙ උත්තර ඇගේ කොහේ හරි ලියන් ගිහින් නියමෙට වැඩේ දෙනවලු.
ආදර්ශය - ලංකාවෙ අපි හරිම සත්‍යවාදීයි මහත්තයෝ


" ඔන්න ඔහොමලු හසන්ත මහත්තයෝ උනයි කියන්නෙ......"

ද මොඩර්න් කඨිනය සහ Real කඨිනය

මීට අවුරුදු දෙක තුනකට කලින් හරිම ශ්‍රද්ධාවෙන් පයින් මුලු ගමක් වටේට අරගෙන ගිය කඨින චීවරය දැන් කැහිගැට කොල්ලො කුරුට්ටෝ 'සාදු සාදු සා.. අහ්හාාාා ඩිගිසි ටිඩිං' කියකිය ත්‍රීවීල් එකෙන් අරන් යන කොට පපුව හෝස් ගානවා මහත්තයෝ...... අම්මපා...... වැඩේ කියන්නෙ ඉස්සර පේ වෙලා අතගහන කඨිනය දැන් ඉන්න සමහරක් කුණු කෙල පෙරාගෙන නිදි ගැට කඩ කඩ අතගහන එකයි...... ඉතිං මොන පිංද?...... 
නොදකිං සිංහල අපේ බෞද්ධකම.....
(බෞද්ධයකු වන මා මටම මඩගසා ගැනීමට ඉහත වචන කිහිපය මෙසේ ලියමි. ඒ පිළිබඳව වෙන කවුරුවත් ටියුං කරගත යුතු නැත.)




කඨිනය ගැන යමක්.....

සෑම වසරකම ඇසළ මහේ සිට වප් මහ දක්‌වා යෙදෙන වස්‌ කාලය බෞද්ධයා ගේ පුණ්‍ය කාලය ලෙස සැලකේ. මෙම වස්‌ සමය තුළ භික්‍ෂූන්ට සිව් පසයෙන් සංග්‍රහ කිරීමට සැදැහැවත්හු විවිධ සැලසුම් ක්‍රියාත්මක කරති. මෙම විශේෂ පින්කම් මාලාව අවසන් වනුයේ කඨින පූජා උත්සවයෙනි. පූජා උත්සව ගණයට අයත් වන කඨින පින්කම භික්‍ෂු ජීවිතයට අදාළ සුවිශේෂී විනයකර්මයක්‌ ද වේ.

කඨින චීවරයක්‌ ලබා ගැනීම සඳහා පිළිපැදියයුතු විනයානුකූල චර්යා පද්ධතිය ඉතා ප්‍රවේශමෙන් හා කැපවීමෙන් යුක්‌තව සිදු කළ යුත්තකි. දායක පක්‍ෂයට අනුව කඨින චීවරයක්‌ සම්පාදනය කර ගැනීම මෙන්ම එය පූජා කිරීම් වස්‌ සිතෙහි ප්‍රසාදය ඇතිකර ගැනීම ද ඉතා කල්පනාකාරීව මහත් සද්ධා පෙරදැරිව සිදුකළ යුත්තකි. මෙවන් ආගමික පසුබිමක්‌ යටතේ සිදු කෙරෙන කඨින චීවර පූජාව අන් හැම පින්කමකටම වඩා අග්‍ර වූ ඵල විපාක ගෙන දෙන්නක්‌ ලෙස සැලකේ.

වස්‌ පවාරණය කළ භික්‍ෂූන්ට චීවර පූජා කරන දිනයේ අලුයම ඒ සඳහා ප්‍රමාණවත් වස්‌ත්‍රයක්‌ විහාරස්‌ථානයට වැඩමවීම සාම්ප්‍රදායික චාරිත්‍රය යි. ඇතැම් අවස්‌ථාවකදී ඒ වෙනුවෙන් අතිඋත්කර්ෂවත් පෙරහරක්‌ පවත්වනු දැකිය හැකිය. මෙම පෙරහර සඳහා කැපකරු දායක පක්‍ෂයේ ශක්‌තිය අනුව අලි ඇතුන්, හේවිසි, තූර්යවාදන, නැටුම් ආදී විවිධ සංස්‌කෘතිකාංග එක්‌වන බැව් පෙනේ. මෙම කඨින පෙරහැර සංචාරය කරනුයේ භික්‍ෂුන් වස්‌ විසූ ආරාමයට අයත් ගොදුරුගම් හා ඒ අවට ගම් ආවරණය වන පරිද්දෙනි. විශාල පිරිසකට කඨින පින්කමෙහි ආනිසංස අනුමෝදන් වීමට ඉඩ ප්‍රස්‌ථාව සැලසීම මෙම පෙරහැරෙහි මුඛ්‍ය පරමාර්ථයයි. ඇතැම් ප්‍රදේශවල කඨින වස්‌ත්‍රය මොහොල් ගසක ඔතා දෙදෙනකු කර තබාගෙන උඩුවියන් යටින් ගමින් ගමට ගෙන යනු දැකිය හැකිය. මේ නිසා කඨින පෙරහැර මග දෙපස    රැස්‌වන සැදැහැතියන්ට කඨින වස්‌ත්‍රය සියතින්ම ස්‌පර්ෂ කොට පින් අනුමෝදන්වීමේ භාග්‍යය හිමි වෙයි.

මෙලෙස තුන්යම් රාත්‍රිය පුරාම ගමින් ගමට වීථි සංචාරය කළ කඨින පෙරහැර අලුයම විහාරස්‌ථානයට ළඟාවෙයි. කොස්‌ කොළයේ හෝ අඹ කොළයේ නැට්‌ට පෙනෙන තරමට යන්තම් හිරු උදාවීම කඨින පෙරහැර විහාරස්‌ථානයට ඇතුළුවීම සඳහා නිශ්චිත වේලාව ලෙස පුරාතනයේ පටන් ම සැලකිණි. මෙසේ මහත් උත්සවාකාරයෙන් වැඩම කරවූ කඨින වස්‌ත්‍රය පිළිගන්නා භික්‍ෂූහු දායක පක්‍ෂයෙහි ද අභිමතය පරිදි එහි කඩ කපා කඨින චීවරය සකස්‌ කරති. පුරාතන යුගයේදී විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් කඨිනය ගෙත්තම් කිරීම (මැසීම) සිදු කෙරිණි. එහිදී බොහෝ සැදැහැවත්හු නූල් ඇමිණීම, මැසීම ආදී කටයුතු සියතින් ම සිදු කිරීමට මහත් රුචිකත්වයක්‌ දැක්‌වූහ. කඨිනය සකස්‌ කිරීම, පූජා කිරීම ඇතිරීම යන සියල්ලක්‌ම එක්‌ දිනක්‌ තුළ සිදුකළ යුතු වෙයි.

කඨින චීවරය මසා නිම කිරීමෙන් පසුව එය සුදු පැහැති වස්‌ත්‍රයක්‌ නම් සෝදා පිරිසිදු කොට පඬු පෙවීම සිදු කළ යුතුය. මේ සඳහා සිවුරු රෙද්දක්‌ භාවිත කළේ නම් එහි පඬු පෙවීම සංකේතවත් කිරීම් වස්‌ සිවුරෙහි කොණක්‌ සේදීම පුරාතන චාරිත්‍රයයි. මෙම විශේෂ අවස්‌ථාවන්හිදී හේවිසි හොරණෑ වාදනය කිරීමෙන් ශබ්ද පූජා පැවැත්වීම ද පුරාතනයේ සිදුකෙරිනි. මේ අනුව ගෙත්තම් කොට පඬු පොවා වේලා සකස්‌ කර ගත් කඨින චීවරය කඨින පූජා මණ්‌ඩපයෙහි උසස්‌ ආසනයක තැන්පත් කෙරෙයි.
අනතුරුව එහි රැස්‌ වූ භික්‍ෂුන්ට කඨින චීවරය පූජා කිරීම දායකකාරකාදීන් විසින් සිදු කළ යුතුය. එහිදී පෞද්ගලිකව නොව උභතෝ සංඝයාට කඨිනය පූජා කිරීම පිළිගත් විනය ප්‍රඥප්තියයි. ඒ අනුව කඨිනය පිළිගත් භික්‍ෂුහු කඨින චීවරය සඟ සතු කොට තමන් අතුරෙන් එය ලැබීමට සුදුසු භික්‍ෂුවක තෝරා විනයානුකූලව එය පැවරීම සිදු කරති. කඨින චීවරයක්‌ ස්‌ඟ සතු කිරීමට යටත් පිරිසෙයින් උපසපන් භික්‍ෂුන් පස්‌ නමක්‌ වත් වැඩ සිටිය යුතුය.





Monday, October 9, 2017

ව්‍යාපෘති සහ සුදු අලි




වැඩි මුදලක් වැය වන නමුත් ප්‍රයෝජනයක් රහිතව යමක් වේ නම් එයට සුදු අලියෙකු යැයි කියනු ලැබේ. රජය ක්‍රියාත්මක කරනු ලබන ඇතැම් ව්‍යාපෘති වලටද එම කල දසාවම උදාවීම යනු එම ව්‍යාපෘතියට හා එයට යොදවන ලද ජනතා මුදල් වලට අහෝ ඛේදයකි. ඉරකි තිතකි තත්වයකි.

ගුරුවරයකු වශයෙන් මා ද මෙවැනි සුදු අලි තත්වයේ ආත බූත ව්‍යාපෘති කිහිපයක් අත්දැක ඇත්තෙමු. එවා කිහිපයක් නම්,

·        නාකි සෙට් වලට පරිගණකය හුරු කිරීම.

·        ගමේ වෙන ගොංංංංංංං ආාාාාාාා තල් පේස්බුක් හරහා අන්තර්ජාතික මට්ටමට ගෙනයාම.


නමුත් මෙම ව්‍යාපෘති වලින් රටට හෝ එයට සහභාගීවන පුද්ගලයින්ට වන සෙතක් නැත. රටේ ආර්ථිකයට ධනාත්මක බලපෑමක් නොමැත. නමුත් අතිවිශාල සෘනාත්මක හානියක් ඇත. සිදුවනුයේ නිකරුනේ කාලය හා මුදල නාස්තිවීමක් පමණි.




අති විශාල විප්ලවීය වෙනසක් තොරතුරු තාක්ෂණය භාවිතයෙන් රටතුල සිදුකල හැකිය. (අම්මප....වගකීමෙන් කියමි) ඉහත දක්වන ලද සුදු අලි ව්‍යාපෘති වලදී මෙන් පරණ විධියටම පරිගණක භාවිතය හෝ වෙනත් සමාජ ජාල භාවිතය ගැන පමණක් කටයුතු කිරීම රටට නොසෑහේ. එම තත්වයෙන් එහාට අලුතින් හිට්වන සමාජ ජාල වෙබ් අඩවි තැනීමට , නව මෘදුකාංග තැනීමට රටේ තරුණ තරුණියන් , ශිෂ්‍ය ප්‍රජාව ඉතා කුඩාකාලයේ පටන් හුරු කිරීම ඉතා අගනේය.


නමුත් ලඞකාවේ සිසු පරපුරේ තර්කානුකූල හැකියා වර්ධනය කරන රටේ ආර්ථිකයට ධණාත්මක බලපෑමක් ඇති කරන සැබෑවටම ප්‍රයෝජනයක් සහිත ව්‍යාපෘති කවදා නම් රට තුල බිහිවේද?

Tuesday, September 19, 2017

අද මාතෘකාව : SAITM වැඩ වර්ජන හා තර්ජන

මේ දවස් වල උණු කැවුම් වගේ යන්නෙ SAITM ...........................


මොකද කියන්නෙ වැඩේ හොදද නරකද?



මාලින්ද චින්තනය නම්..........................
අවුලක් නෑ ...... ඉගෙන ගන්නවනම් කොහොම උනත් කමක් නෑ ඒත් තොපි අපිව පන පිටින් කපල කොටල ඉගෙන ගෙන පිටරට ඉන්න උන්ගෙ අසනීප සනීප කරන්න යන්නෙ නැතිව පුලුවන්නම් පිටරට උන් කපල කොටල ඉගෙන ගෙන මෙහේ ඇවිත් අපි අසනීප උනාම හරියට සනීප කරපල්ලා............ මගුල........

ඇත්තම කථාව මේකනේ වෛද්‍ය වෘත්තිය කියන්නෙ ගොඩක් පිංකම් කරගන්න පුලුවන් වෘත්තියක්, හැබැයි වගකීම් වැඩියි. මනුස්ස ජීවිතයක් එක්කයි වෛද්‍යවරය වැඩ කරන්නෙ. කතාවක් තියෙනව 
"වෛද්‍යවරයකුට වැරදුනොත් අඩි හයක් යට" කියල. 

SAITM එක මේක තමන්ගෙ උපාධි අපේක්ෂකයින්ට හොදින් අවධාරනය කරනවනම් ගොඩක් හොදයි. ඒ වගේම පහත කරුණු කාරණා ගැනත් අවධානය යොමු කලොත් හොදයි.

01. වැඩ වර්ජන වෙනුවට හරියට වැඩ කිරීම
02. මුදල හා බලය තාවකාලකයි. මනුස්සකම සදාකාලිකයි. (මිද්දෙනිය මාතර CTB බස් එකක ලියා තිබුනි)
03. රෝගියාද මනුශ්‍යයෙකි. කතුරු පුලුන් දමන කබඩ් එකක් නොවේ.
04. ගස්වල අතු කපනව වගේ ඉවක් බවක් නැතිව මනුස්සයින් ගේ අතපය නොකැපිය යුතුය. (මා.. මහ රෝහලේ අත මාරුවුනු ශිෂ්‍යාව කියූ දෙයකි.)
05. රාජකාරිය දේවකාරියකි. (අම්මපා...)
06. සල්ලිවලට ගොඩක් දේවල් කරන්න පුලුවන් ඒත් පණ/ ජීවිතය දෙන්න බෑ. 

වැඩි හොදට SAITM එකේ වෙබ් ලිපිනය පහතින් දක්වන්නම්,

නෙවිල් ප්‍රනාන්දු රෝහලේ වෙබ් ලිපිනය

හොදයි SAITM එකට එරෙහිව උද්ඝෝෂණ කරන අපේ සමහරත් ඉහත දේ අවධානයට ගත්තොත් හොදයි කියල හිතෙනවා...

එහෙනම් විප්ලවයට .................................................................................... වේවා! 


ඉවරයි.

(මෙම ලිපියේ සියළුම හිමිකම් මටයි වෙන එකෙකුටවත් නෙවෙයි.)



කලකට පස්සේ වෙලකට බැස්සේ.......

ගොඩකාලෙකින් මේ බ්ලොග් එක පැත්ත පලාතෙ එන්න බැරි උනා. අදයි පොඩ්ඩක් වැඩේට බැස්සෙ.


කුඹුරක් උනත් ගොයිය වැඩිය ඒක ගැන හොයන්නෙ නැත්තම් වල් ගස් හැදිල ගන්න දෙයක් නැති වෙනව නෙ. දෙයියනේ කියල මේක වැඩි දෙනෙක් බලන්නෙ නැති නිසා අවුලක් නෑ. හෙහ්.................... 

දැන් සී සෑමේ වාරයයි.... පටාාාාාාාන් ගමු...............

Tuesday, January 31, 2017

මරණය - දැන් කාලෙ මැරෙනවට වඩා හොදයි බං අමාරුවෙන් හරි කට්ට කාගෙන ජීවත් වෙන එක



අද මළ ගෙදරක ගියෙමි.

වේෆස් සමඟ Nescafe බිව්වෙමි. යාලුවො සෙට් එකත් එක්ක කයිය ගැසුවෙමි. හිනා වුනෙමි. ටිකක් හයියෙන් හිනා වුනෙමි. හිනා වෙන්න එපා යකෝ මළ ගේක ඉන්නෙ. හුටා ..... එතකොටයි මතක්වුනේ ඉන්න තැන.

ඉස්සරනම් මාත්  මළ ගෙයක් අත හරින්නේ නැත. Halfday, fullday, Night, Day and Night වැනි මළ ගෙවල් සඳහාම වෙන්කල පැකේජ මා සතුව තිබුනි. ඒ ඒ පැකේජ වල තේ බීම, බත් කෑම, වැඩ පල කිරීම හෙවත් සප් එක දීම, කදේ දැමීම, පච හැලීම, රැඟීම, සිනා සීම, කොඩි වැල් ඇදීම, මරණ දැන්වීම් ඇළවීම, රැලි පාලම් කොඩි දැමීම, වල හරන හටි බලන් සිටීම, පුටු සකස් කිරීම, කෑම මේසය සකස් කිරීම හෙවත් කෑම මේසෙ බැලීම, පිඟන් වලට ලන්ච් ශීට් දැමීම, කැරම් ගැසීම, කැරම් ඉත්තන් සෙවීම, ඕමි බැලීම, කාඩ් පැක් සෙවීම, පුටු උඩ කිරීම, පුටු පිටින් බිම වැටීම, වලි යෑම, ඩිස්ඩි ඩිඩිං ලිස්සායෑම ඇතුළු කාර්යයන් රාශියක් එම පැකේජ වල අන්තර්ගත විය.

මෙම පැකේජ අතරින් වඩාත් දුශ්කරතම හා ගතිම පැකේජජ වනුයේ Night හා Day and Night පැකේජයන්ය. එක් රැයක් සම්පූර්ණයෙන්ම නිදි වැරීම නයිට් ඇදීම ලෙස හදුන්වයි. එලෙස මුළු රැයම නිදිවරා පසු දිනයත් මළ ගෙදර වැඩට සහභාගීවීම  Day and Night වේ. බොහෝවිට මළ ගෙදර අවසන් දවස එසේ වෙයි. බොහෝ විට නිකරුනේ කාලය ගත කරනු වෙනුවට මළ ගෙදර කටයුතු වලට සහාය වීම අප විසින් සිදු කරයි.

සාමාන්‍යයෙන් මළ ගෙරදක වැඩ අඩුම හා ශෆාන් එකේ සිටින එකම පුද්ගලයා මිය ගිය කෙනා පමණි. වැඩ අධිකම කෙනා එම මියගිය කෙනාගේ දුව, පුතා වැනි ළගම නෑයාය. එම ළගම නෑයා අපගේ මිතුරෙකු හෝ මිය ගිය කෙනා අපගේ නෑයෙකු වූවොත් අපටද අඹ සරණය.

නමුත් වර්තමානයේ තත්වය වෙනස්ය. දැන් මළ ගෙදර වැඩ සංවිධානය සඳහා වෙනම අවමංගල්‍ය අධ්‍යක්ෂකවරු සිටිති. එබැවින් මළ ගෙරද නයිට් ඇදීම සඳහා පුද්ගලයින් අඩුය. සියල්ල මුදලට සිදුවන නිසා මළ ගෙදර වැඩියෙන්ම බියෙන් පසුවන්නේ මියගිය පුද්ගලයා හා එම ඥාතීන් වන අතර ශෆාන් එක වැඩිම එයට සහභාගීවන අයටය.

එබැවින් වරෙක මාගේ මිතුරෙකු නයිටක් අදින් ගමන් කියූ දෙයක් නැවත සිහිපත් කරමි.
 "දැන් කාලෙ මැරෙනවට වඩා හොදයි බං අමාරුවෙන් හරි කට්ට කාගෙන ජීවත් වෙන එක"




Sunday, January 8, 2017

දැලි පිහියෙන් කිරි කෑම හෙවත් ඇඟ බේරාගෙන Blog ලිවීම.




ආරම්භක සටහන :

නම? කමල් මාලින්ද.
ඉන්නෙ? කිරින්ද පුහුල්වැල්ලේ.
බැඳලද? ඔව් බැඳල.
ළමයි එහෙම? තාම එක්කෙනයි, මාස 11 ක කෙලිපැටික්කියක්.
කන්නේ? කටින්,
බොන්නෙ? බොන්නයි නාන්නයි දෙකම වතුරෙන්. රෙ.....
හා ................  ඇති ඇති.

මේ Blog එක මට හිතෙන දේ හිතෙන විදිහට කැමති අකුරුවලින් පුළුවන් වෙලාවට ලියමි. බලන්නෝ සහ අදහස් ප්‍රකාශ කරන්නෝ ඒ ඒ පරිදි ක්‍රියාකරත්වා.....

ලඟදීම හමුවෙමු.