Sunday, October 15, 2017

ද මොඩර්න් කඨිනය සහ Real කඨිනය

මීට අවුරුදු දෙක තුනකට කලින් හරිම ශ්‍රද්ධාවෙන් පයින් මුලු ගමක් වටේට අරගෙන ගිය කඨින චීවරය දැන් කැහිගැට කොල්ලො කුරුට්ටෝ 'සාදු සාදු සා.. අහ්හාාාා ඩිගිසි ටිඩිං' කියකිය ත්‍රීවීල් එකෙන් අරන් යන කොට පපුව හෝස් ගානවා මහත්තයෝ...... අම්මපා...... වැඩේ කියන්නෙ ඉස්සර පේ වෙලා අතගහන කඨිනය දැන් ඉන්න සමහරක් කුණු කෙල පෙරාගෙන නිදි ගැට කඩ කඩ අතගහන එකයි...... ඉතිං මොන පිංද?...... 
නොදකිං සිංහල අපේ බෞද්ධකම.....
(බෞද්ධයකු වන මා මටම මඩගසා ගැනීමට ඉහත වචන කිහිපය මෙසේ ලියමි. ඒ පිළිබඳව වෙන කවුරුවත් ටියුං කරගත යුතු නැත.)




කඨිනය ගැන යමක්.....

සෑම වසරකම ඇසළ මහේ සිට වප් මහ දක්‌වා යෙදෙන වස්‌ කාලය බෞද්ධයා ගේ පුණ්‍ය කාලය ලෙස සැලකේ. මෙම වස්‌ සමය තුළ භික්‍ෂූන්ට සිව් පසයෙන් සංග්‍රහ කිරීමට සැදැහැවත්හු විවිධ සැලසුම් ක්‍රියාත්මක කරති. මෙම විශේෂ පින්කම් මාලාව අවසන් වනුයේ කඨින පූජා උත්සවයෙනි. පූජා උත්සව ගණයට අයත් වන කඨින පින්කම භික්‍ෂු ජීවිතයට අදාළ සුවිශේෂී විනයකර්මයක්‌ ද වේ.

කඨින චීවරයක්‌ ලබා ගැනීම සඳහා පිළිපැදියයුතු විනයානුකූල චර්යා පද්ධතිය ඉතා ප්‍රවේශමෙන් හා කැපවීමෙන් යුක්‌තව සිදු කළ යුත්තකි. දායක පක්‍ෂයට අනුව කඨින චීවරයක්‌ සම්පාදනය කර ගැනීම මෙන්ම එය පූජා කිරීම් වස්‌ සිතෙහි ප්‍රසාදය ඇතිකර ගැනීම ද ඉතා කල්පනාකාරීව මහත් සද්ධා පෙරදැරිව සිදුකළ යුත්තකි. මෙවන් ආගමික පසුබිමක්‌ යටතේ සිදු කෙරෙන කඨින චීවර පූජාව අන් හැම පින්කමකටම වඩා අග්‍ර වූ ඵල විපාක ගෙන දෙන්නක්‌ ලෙස සැලකේ.

වස්‌ පවාරණය කළ භික්‍ෂූන්ට චීවර පූජා කරන දිනයේ අලුයම ඒ සඳහා ප්‍රමාණවත් වස්‌ත්‍රයක්‌ විහාරස්‌ථානයට වැඩමවීම සාම්ප්‍රදායික චාරිත්‍රය යි. ඇතැම් අවස්‌ථාවකදී ඒ වෙනුවෙන් අතිඋත්කර්ෂවත් පෙරහරක්‌ පවත්වනු දැකිය හැකිය. මෙම පෙරහර සඳහා කැපකරු දායක පක්‍ෂයේ ශක්‌තිය අනුව අලි ඇතුන්, හේවිසි, තූර්යවාදන, නැටුම් ආදී විවිධ සංස්‌කෘතිකාංග එක්‌වන බැව් පෙනේ. මෙම කඨින පෙරහැර සංචාරය කරනුයේ භික්‍ෂුන් වස්‌ විසූ ආරාමයට අයත් ගොදුරුගම් හා ඒ අවට ගම් ආවරණය වන පරිද්දෙනි. විශාල පිරිසකට කඨින පින්කමෙහි ආනිසංස අනුමෝදන් වීමට ඉඩ ප්‍රස්‌ථාව සැලසීම මෙම පෙරහැරෙහි මුඛ්‍ය පරමාර්ථයයි. ඇතැම් ප්‍රදේශවල කඨින වස්‌ත්‍රය මොහොල් ගසක ඔතා දෙදෙනකු කර තබාගෙන උඩුවියන් යටින් ගමින් ගමට ගෙන යනු දැකිය හැකිය. මේ නිසා කඨින පෙරහැර මග දෙපස    රැස්‌වන සැදැහැතියන්ට කඨින වස්‌ත්‍රය සියතින්ම ස්‌පර්ෂ කොට පින් අනුමෝදන්වීමේ භාග්‍යය හිමි වෙයි.

මෙලෙස තුන්යම් රාත්‍රිය පුරාම ගමින් ගමට වීථි සංචාරය කළ කඨින පෙරහැර අලුයම විහාරස්‌ථානයට ළඟාවෙයි. කොස්‌ කොළයේ හෝ අඹ කොළයේ නැට්‌ට පෙනෙන තරමට යන්තම් හිරු උදාවීම කඨින පෙරහැර විහාරස්‌ථානයට ඇතුළුවීම සඳහා නිශ්චිත වේලාව ලෙස පුරාතනයේ පටන් ම සැලකිණි. මෙසේ මහත් උත්සවාකාරයෙන් වැඩම කරවූ කඨින වස්‌ත්‍රය පිළිගන්නා භික්‍ෂූහු දායක පක්‍ෂයෙහි ද අභිමතය පරිදි එහි කඩ කපා කඨින චීවරය සකස්‌ කරති. පුරාතන යුගයේදී විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් කඨිනය ගෙත්තම් කිරීම (මැසීම) සිදු කෙරිණි. එහිදී බොහෝ සැදැහැවත්හු නූල් ඇමිණීම, මැසීම ආදී කටයුතු සියතින් ම සිදු කිරීමට මහත් රුචිකත්වයක්‌ දැක්‌වූහ. කඨිනය සකස්‌ කිරීම, පූජා කිරීම ඇතිරීම යන සියල්ලක්‌ම එක්‌ දිනක්‌ තුළ සිදුකළ යුතු වෙයි.

කඨින චීවරය මසා නිම කිරීමෙන් පසුව එය සුදු පැහැති වස්‌ත්‍රයක්‌ නම් සෝදා පිරිසිදු කොට පඬු පෙවීම සිදු කළ යුතුය. මේ සඳහා සිවුරු රෙද්දක්‌ භාවිත කළේ නම් එහි පඬු පෙවීම සංකේතවත් කිරීම් වස්‌ සිවුරෙහි කොණක්‌ සේදීම පුරාතන චාරිත්‍රයයි. මෙම විශේෂ අවස්‌ථාවන්හිදී හේවිසි හොරණෑ වාදනය කිරීමෙන් ශබ්ද පූජා පැවැත්වීම ද පුරාතනයේ සිදුකෙරිනි. මේ අනුව ගෙත්තම් කොට පඬු පොවා වේලා සකස්‌ කර ගත් කඨින චීවරය කඨින පූජා මණ්‌ඩපයෙහි උසස්‌ ආසනයක තැන්පත් කෙරෙයි.
අනතුරුව එහි රැස්‌ වූ භික්‍ෂුන්ට කඨින චීවරය පූජා කිරීම දායකකාරකාදීන් විසින් සිදු කළ යුතුය. එහිදී පෞද්ගලිකව නොව උභතෝ සංඝයාට කඨිනය පූජා කිරීම පිළිගත් විනය ප්‍රඥප්තියයි. ඒ අනුව කඨිනය පිළිගත් භික්‍ෂුහු කඨින චීවරය සඟ සතු කොට තමන් අතුරෙන් එය ලැබීමට සුදුසු භික්‍ෂුවක තෝරා විනයානුකූලව එය පැවරීම සිදු කරති. කඨින චීවරයක්‌ ස්‌ඟ සතු කිරීමට යටත් පිරිසෙයින් උපසපන් භික්‍ෂුන් පස්‌ නමක්‌ වත් වැඩ සිටිය යුතුය.





No comments:

Post a Comment